ඔබේ ජීවිතය වුනත් බෙරීමට හැකියාවක් ඇති, එහෙත් ලොව පිළිකුල් සහගතම වෛද්‍යය ප්‍රතිකාර මෙන්න.

1. මලපහ රෝපණය

Shareඅපේ බඩවැල් තුල හිතකර බැක්ටීරියාවන් දහස් ගණනක් වෙසෙන බව ඔබ දන්නවා ඇති. එම හිතකර බැක්ටීරියාවන යනු අපේ ශරීරයට නැතුවම බැරි කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද එදිනෙදා සිදුවෙන ශාරීරික කෘත්‍යයන් සඳහා එම හිතකර බැක්ටීරියාවන්ගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයකි. නමුත් ප්‍රතිජීවක ඖෂධ විසින් හිතකර සහ අහිතකර බැක්ටීරියාවන් දෙකම එකලෙස විනාශ කර දමනවා. අන්න එම හේතුව නිසා තමයි ප්‍රතිජීවක ඖෂධ භාවිතය නිසා යීස්ට් ආසාදන තත්වයන් ඇතිවන්නේ. ප්‍රහිජීවක ඖෂධ ඉහල මාත්‍රාවක් භාවිතා කලොත් ක්ලොස්ට්‍රිඩියම් ඩිෆිසිල් ඉන්ෆෙක්ෂන් තත්වයක් වුනත් ඇතිවෙන්නට පුළුවන්. ඉන් සියලු හිතකර බැක්ටීරියා විනාශ කර දමන නිසා මාරාන්තික තත්වයක් වුනත් ඇතිවෙන්නට පුළුවන්.


ඒ සඳහා සියයට 95ක් වැනි ඉහල සාර්ථකත්වයක් ඇති ඖෂධයක් තිබෙන බව ඔබ දන්නවාද ? එම ප්‍රතිකාරාට නම් ඔබ කිසිසේත්ම කැමති වෙන එකක් නැහැ. එහිදී සිදුකරන්නේ වෙනත් අයකෙගේ මලපහ ඔබේ නාසය හරහා සිරුර තුලට තල්ලු කිරීමකි. ඉන් පසුව එම මලපහ ෆෙකල් ට්‍රාන්ස්ප්ලාන්ට් ක්‍රමවේදය මගින් උදරය තුලට ඇතුල් කිරීම සිදුකරනවා. වඩාත්  සාර්ථක  ප්‍රතිපල ලබාගැනීමට නම් වරකට මපළහ ග්රෑම් 200ක් හෝ 300ක් භාවිතා කලයුතුයි.




කාර්යබහුල ජීවනරටාවෙන් මිදී විනෝදයක් ලබන්න බොහෝ දෙනෙක් තෝරාගන්නේ සුන්දර වෙරල තීරයක්. අද අපි ඔබව දැන්වත් කරන්නේ සැගව පවතින ලොව විශ්මිත වෙරලතීරයන් පිළිබඳවයි. 

1. ස්පාඥ්ඥයේ ගුල්පියුරි වෙරල 

ඔබ සිත තුල මවාගෙන සිටින වෙරළක පින්තූරය මෙම ස්ථානයෙන් ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෙයද සුන්දර වෙරල තීරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම වෙරල පිහිටා තිබෙන්නේ සාගරයෙන් අඩි 300ක් පමණ ඈතට වෙන්නයි. සාගරයේ වඩදිය බාදිය වල බලපෑම මත මෙම වෙරල අතුරුදහන් වෙන අතර, නැවත ඇතිවීමද සිදුවෙනවා. වඩදිය අවස්තාවේදී මෙම වෙරල දැකගන්නට පුළුවන්, නමුත් බාදිය අවස්තාවේදී නම් මෙම වෙරල දකින්නට ලැබෙන්නේ නැහැ. 
Share
මෙම වෙරල නිර්මාණය වීමට නම්,  ගුහාව තුලින් මුහුදු ජලය පැමිණීමට තරම් සාගර රළ දැඩිව පැවතිය යුතුයි.

2. තායිලතයේ ආවෝ සබායි වෙරල තීරය 

තායිලතනය යනු සුන්දර වෙරලතීරයකින් සමන්විත රටක්. නමුත් ඒ අතරින් ආවෝ සබායි එසේත් නොමැතිනම් එමරල්ඩ් කේව් බීච් ඉතාමත්ම සුවිශේශීයි. අලංකාරවත් කොළ වර්ණයෙන් සමන්විත එම වෙරළේ ඇති මනස්කාන්ත දර්ශනය නිසා එය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. නමුත් මෙම වෙරල තීරයට ලගා වීම නම් එතරම් පහසු නැහැ. එන ගුහාවේ දොරටුවට පැමිණීමට නම්, බෝට්ටුවකින්ම පැමිණිය යුතුයි. ඉන්පසුව එම ගුහාව තුල සැගව තිබෙන සුන්දර වෙරළට පිවිසීමට නම්, ඔබට ගුහාව තුලින් පිහිනා යන්නට සිදුවෙනවා. සුළු වෙලාවක් යනකන් වට පිටාව අඳුරු වුනත්, ටික වෙලාවක් ගිය පසුව ඔබේ ඇස් ඉදිරියේ මනස්කාන්ත සුන්දර වෙරල තීරයක් දර්ශනය වේවි. 

සොබාදහම යනු විශ්මිත නිමැයුම් කරුවෙකි. එම අපූරු සොබාදහම විසින් නිර්මාණය කර තිබෙන සත්වයින් සැබවින්ම විශ්මය ජනකයි. ඇතැම් සත්වයින් ප්‍රමාණෙන් කුඩා වුනත්, සොබාදහම විසින් ඔවුන්ට සිතාගන්නවත් බැරි භයානක දේවල් උරුමකර දී තිබෙනවා. අද අපි ඔබව දනුවත් කරන්නේ මිනිසාට උඝ්‍ර විෂ සහිත සත්වයින් කිහිප දෙනෙක් පිළිබඳවයි. 
Share
1. පෆර් ෆිෂ් 

බැලූ බැල්මට මෙම සත්වයා තුල භයානක පෙනුමක් නැහැ. ඒ වගේම ආවේගශීලී විලොපිතයෙක්ද නොවෙයි. නමුත්, එක් සපා කෑමකින් වැඩුණු මිනිසෙකු වුනත් බිම දමන්නට එම සත්වයාට පුළුවන්. මෙම සත්වයා රසවත් ආහාරයක් ලෙස පරිභෝජනය කරන්නට හැකියාව තිබුනත්, වැරදියට පිසගත්තොත් මරණය නියතයි. පෆර් ෆිෂ් මත්ස්‍යයින් වැරදියට අනුභව කිරීම නිසා, වසරකට ජපානය තුල බොහෝ දෙනෙක් මරණයට පත්වෙනවා. ඇතැමෙක් බරපතල ලෙස රෝගාතුර වෙනවා. වමනය, හුස්ම ගැනීමට අපහසුව සහ මරණය ඉන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපලයයි. 

2. පොයිසන් ඩාට් ෆ්රෝග් 

මෙම ගෙඹි විශේෂය සතු අලංකාරවත් වර්ණ රටාව නිසා ඕනෑම තැනක පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්. නමුත් එම සත්වයාගෙන් ඈත්ව සිටීමට මතක තබාගන්න. ඒ අතරින් රන් පැහැගත් ගෙඹි විශේෂය ඉතාමත්ම උඝ්‍ර විෂ සහිතයි. එම සත්වයා සතු විෂ ප්‍රමාණය මීයන් 20,000කට මරු කැඳවීමට ප්‍රමාණවත් බව ඔබ දන්නවාද ? ස්පර්ශ වීමෙන් අනතුරක් සිදුනොවුනත්, එම සත්වයාගේ විෂ කෙසේ හෝ ඔබේ සිරුර තුලට ඇතුළු වුනොත් නම් මරණය නියතයි. 

සියලු තොරතුරු විස්තරාත්මකව දැනගන්න පහත වීඩියෝව නරඹන්න. 



බැටරි බලය සියයට 50කින් වැඩිකරගන්න පුළුවන් සරල ප්‍රයෝගයක් මෙන්න.

සිදුකරමින් සිටි වැඩේ ඉවර වෙන්නටත් ප්‍රථමව ලැප්ටොප් පරිගණකයේ බැටරි බලය බින්දුවටම පිරිහී ගිය අවස්තාවන් වලට ඔබ කොතෙකුත් මුහුණදී ඇති.

නමුත් ඉතාමත්ම සරල ප්‍රයෝගයකට ස්තූතිවන්ත වෙන්න දැන් ඔබට ඔබේ ලැප්ටොප් පරිගණකයේ බැටරි බලය සියයට 50කින් පමණ වැඩිකරගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කලයුතු වනේ ඔබ භාවිතා කරන වෙබ් බ්‍රවසරය මාරු කිරීම පමණයි.

එම විශ්මිත හපන්කම සිදුකිරීමට සමත්වී තිඛෙන වෙබ් බ්‍රව්සරය වන්නේ ඔපෙරා වෙබ් බ්‍රව්සරයයි. ඔපෙරා වෙබ් බ්‍රව්සරයේ නිෂ්පාදකින් එම මෘදුකාංගය තුලට බලය ඉතුරු කිරීමේ විස්මිත පහසුකමක් ඇතුලත් කර තිඛෙනවා.

Share එම වෙබ් බ්‍රව්සර් එකට ඇතලත් කර තිඛෙන නවතම මොඩ් එක මගින් ලැප්ටොප් පරිගණකයේ බැටරි බලය සියයට 50ක් තරම් වූ ප්‍රමාණයකින් දීර්ඝ කිරීමට සමත් වෙනවා. ගූගල් ක්‍රෝම් බ්‍රවසර් එක හා සසඳා බලන විට සියයට 54 කට වඩා වැඩි ප්‍රමාණයක් බලය ඉතුරු කිරීමටද සමත්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

නමුත් දුරකථන පරිශීලකයින්ට මේ වනතුරුත් එම පහසුකම ලබාදී නැති බව අකමැත්තෙන් වුනත් පවසන්නට සිදුවෙනවා.

ලැප්ටොප් පරිගණකයේ බල රැහැන ගලවා ඉවත් කරනු ලැබූ මොහොතේ සිට ස්වයන්ක්රීයවම බ්‍රවසරය විසින් එම පහසුකම සක්‍රීය කරනවා. යූ.ආර්.එල් බාර් එකට ඉදිරිපසින් බැටරියක සලකුණක් ලෙස එය දිස්වෙනවා ඔබට දැකගන්නට පුළුවන් වේවි.

ඊට අමතරව එම බැටරි අයිකන් එකම මත ක්ලික් කිරීමෙන්ද බලය සුරැකීමේ එම පහසුකම සක්‍රීය කරගත හැකියි.

මෙම වෙබ් බ්‍රවසරය මගින් බලය සුරකින්නේ කෙසේද කියා අපි දැන් සොයා බලමු.

අධික බරකින් යුත් කේතයන් ලිහිල් ස්වභාවයකට කරමින් සහ සජීවීකරණය කරන ලද තීම්ස් අවම කරමින් බලය සුරැකීමට එම බ්‍රවසරය කටයුතු කරනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි,  ටැබ්ස් වල ක්‍රියාකාරීත්වය අවම කරමින් ෆ්‍රේම් රේට් එක 30ක් දක්වා අවම කරන නිසාද බලය සැලකිය යුතු ලෙස ඉතුරු වෙනවා.

ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ තම බ්‍රව්සරය ස්ථාපිත කර ඇති ලැප්ටොප් පරිගණකයක් පැය 2ක් සහ මිනිත්තු 56ක් වැනි කාලයක් භාවිතා කළහැකි බවයි.

එසේ නම් මෙපමණ වෙලාවක් විස්තර කරනු ලැබූ මෙම පහසකම සහිත ඔපෙරා වෙබ් බ්‍රවසරය ස්ථාපිත කරගෙන ඔබේ ලැප්ටොප් පරිගණකයේ බැටරි බලය සියයට 50කින් පමණ වැඩි කරගන්න. එය භාවිතා කරබලා ඔබේ අදහස නොදුටු ලෝකය සමග ඛෙදා ගන්නටත් අමතක කරන්න එපා.

21 වන ශතවර්ෂයේ අසාත්මිකතාවය පිළිබඳව ඔබ දැනුවත්ද ?

කිසිඳු හේතුවක් නොමැතිව හිටි හැටියේම ඔබේ සම මත යම් වෙනස්කමක් සිදුවී තිඛෙනවානම්, එය ඇතැම්විට නිකල් අසාත්මිකතාවය හේතුවෙන් ඇතිවුවක් වෙන්නට පුළුවන්. ඔබ නොදැන සිටියාට අද වන විට ලොව වෙසෙන බොහෝ දෙනෙක්ට එම අසාත්මිකතාවය පවතිනවා.
ීය්රු
Share හිටිහැටියේම සම මත නොරිස්සුම්කාරී තත්වයක් ඇතිවී කසන්නට ගත්නිසා ඇය (සුසේන් මැකෙන්සි) වෛද්‍යවරයෙකු හමුවට ගියා. වෛද්‍යවරයා ඇයට පැවසුවේ එය නිකල් හේතුවෙන් සිදුවූ දෙයක් බවයි. එය යලිත් වරක් සනාත කරගැනීමට නිකල් බැටරියක් පිට මත තබා ටේප් එකකින් ඇලවූ අතර, සුළු වෙලාවක් ගිය පසුව නැවතත් සම මත එවැනිම කුෂ්ට තත්වයක් ඇතිවුනා.

මෙම අසාත්මිකතාවයෙන් පීඩා විඳින එකම කෙනා මෙම කාන්තාව පමණක් නොවෙයි. ඇමරිකානුවන් අතරින් 5න් 1ක් තරම් වූ පිරිසක් නිකල් වලට අසාත්මික බවක් පෙන්නුම් කරනවා. මිලියන 11ක් තරම් වූ කුඩා දරුවන් පිරිසකටද එම අසාත්මිකතාවය පවතිනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඊට හේතුව මොකක්ද ? ඒ සඳහා වගකිවයුත්තේ අප අවට ඇති විද්‍යුත් උපකරණයි.

තාක්ෂණයේ දියුණුවත් සමග සෑම දෙයක්ම යාන්ත්‍රීකරණය වෙන නිසා විද්‍යුත් උපකරණ වලින් සැගවී කටයුතු කිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැකියි. එම නිසා අපි නිතරම නිකල් වලට නිරාවරණය වෙනවා. නිකල් වලින් සාදන ලද විද්‍යුත් ශරීරසුවතා උපකරණයක් ස්පර්ශ කල නිසා තමයි එම කාන්තාවගේ සම මත අසාත්මික ලක්ෂණ පහළවී තිඛෙන්නේ. එපමණක් නොවෙයි කරාබු, බ්‍රේස්ලට්, මලකඩ නොබැඬෙන යකඩ වලින් සාදන ලද උපකරණ, ජංගම දුරකථන, ලැප්ටොප් සහ ටැබ්ලට් වැනි උපකරණ වලද නිකල් පැවතිය හැකියි.

21වන ශතවර්ෂය තුල ජීවත් වෙන අපිට නිකල් අසාත්මිකතාවය මගහැරිය නොහැකියි. නිකල් වලින් සාදන අත් ඔරලෝසු සහ බ්‍රේස්ලට් තරමක් ලිහිල් කර පලන්දිනවානම් නොරිස්සුම්කාරී තත්වයක් ඇතිවීම තරමකින් හෝ අවම කරගන්නට පුළුවන් බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ.

ඔබ නොදැන සිටියාට මෙම අසාත්මිකතාවය ඔබටද තිඛෙනවා වෙන්නට පුළුවන්. එම අසාත්මිකතාවය ඔබට තිඛෙනවාද නැද්ද යන්න තහවුරු කරගැනීම ඉතාමත්ම වටිනවා.

Powered by Blogger.